අද රටේ නීතිය හා සාමය බරපතළ ලෙස බිද වැටී අධිකරණ හා බන්ධනාගාර පද්ධතියම බරපතළ කඩාවැටීමක් ඇති මොහොතක රජය විපක්ෂයට ඇගිලි දිගු කරමින් විවිධ චෝදනා කරන බවත් මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම මිනිමැරුම කප්පම සහමුළින්ම බැහැර කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගි ජන බලවේගය හැඳින්විය හැකි බවත් එම නිසා මිනිස් ඝාතන මිනිමැරුම් මංකොල්ලකෑම්වලට ජාතික දේපල විනාශ කිරීම සම්බන්ධයෙන් ජාතික වශයෙන් වාර්තා තැබූ රජයේ අයම සමගි ජන බලවේගයට ඇගිල්ල දිගු කිරීම සම්බන්ධයෙන් පුදුම වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අප රටේ නීතිය හා සාමය ක්ෂේත්රයේ බිදවැටීම ගැන කතා කරන විට පසුගිය රූපරාමුවලට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින්ම රජයේ අකාර්යක්ෂමතාව බැරිකම අදක්ෂකම නොහැකියාව ගැන පැවසූ බවත් පශ්චාත් දිට්වා සමය, ආර්ථික ගැටලුව, ඩෙංගු මර්දන ව්‍යාපාරය සේම වත්මන් රජයට බන්ධනාගාරය පාලනය කර ගන්න නොහැකි වී ඇති බවත් මේ අයම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදනවා කියන එකම විහිලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ගැටුමට හේතුව නිශ්චිත කරුණු හා වගකීම් ගැන නිවැරදි ක්‍රියාමාර්ග නොගෙන අධිකරණ ඇමතිවරයා ප්රමුඛ රජය බන්ධනාගාරවල පීඩනයට වඩා උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම ගැන පමණක් සිතූ බවත් අදටත් මේ උපරිමාධිකරණවල ගරු විනිසුරුවන් පත් කිරීම රජය ප්‍රතික්ෂේප කරමින් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන නව ක්රමයේ වෙනස සිදු කරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
නීතිඥ සංගමය ඇතුළු දේශීය හා විදේශිය නීතිඥ සංගම් රැසක් මේවා නොකරන ලෙස ඉල්ලා සිටින විට බන්ධනාගාරයේ කළමනාකරණ ගැටලුවලට විසඳුම් ලබා නොදී අධිකරණයට ඇගිලි ගැසීමට උත්සාහ කළ නිසා මේ ඛේදවාචකය නිර්මාණය වූ බවත් දැන් මේ රජය ගාල්ල මහමෝදර බන්ධනාගාරයක් ස්ථාපිත කරන්න හැදුවත් එය සංචාරක පුරවරයක් බවට රජයට අමතක වී ඇති බවත් බන්ධනාගාරයක් ස්ථාපිත කරන්න සුදුසු ස්ථානයක් නිර්මාණය කරන්න අවශ්‍ය තීන්දුවවත් මේ රජයට ගන්න නොහැකි වී ඇති බවත් මෙවැනි මහා ඛේදවාචකයක් වූ පසු පශ්චාත් අවස්ථාවේ තීන්දු තීරණ ගැනීමේ දී යම් කිසි නිර්මාණශීලී ආකාරයට නිසි ක්‍රමවේදයකට ඒ තීන්දු තීරණ ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ගැටලු මැද දේශපාලන දඩයමක් ක්‍රියාත්මක බවත් දයාසිරි ජයසේකර මහතා ඉලක්ක කර ගෙන මහා පරිමාණයේ දඩයමක් ක්‍රියාත්මක බවත් 2019 කරුණාසහගත දීමනාවක් ලෙස ලක්ෂ 5ක් ලැබුණු බවත් එතුමා වෛද්‍ය ප්‍රතිකාර සඳහා 868000ක් වියදම් කර නිවැරදි බිල් ලබා නොදීම පිළිබඳ පරික්ෂණ පවත්වා මොහුව අත්අඩංගුවට ගන්න රජය සූදානම් බවත් කරුණාසහගත දීමානාවකට බිල් ඉදිරිපත් කරන්න කියා කිසිදු තැනක සඳහන් නොවුවත් රජය සතු සමාජ මාධ්‍ය වහලුන් උපයෝගී කර ගෙන දයාසිරි ජයසේකර මහතා වැරදි බිල් ඉදිරිපත් කර අයුතු ලෙස තමන්ට ලැබූ ප්රදානය වැරදි ලෙස භාවිත කළ බවට චෝදනා ගොතා අත්අඩංගුවට ගන්න සැලසුම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට බන්ධනාගාර කළමානකරණය කරන්න, ආර්ථිකය ගොඩගන්න, මන්දපෝෂණයට විසදුම් දෙන්න, ඩෙංගු මර්ධන ව්‍යාපාරය සාර්ථක කර ගන්න, දිට්වා නිසා හානි වූ අයට වන සහන ලබා දෙන්න රජයට වුවමනා නැති බවත් මේවා නොකර රජය දේශපාලන දඩයම් සිදු කිරීම ලැජ්ජා සහගත බවත් දයාසිරි ජයසේකර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කෞෂල්‍යා ආරියරත්න මහත්මියට සමගි ජන බලවේගයේ තනතුරු තීන්දු කරන්න නොහැකි බවත් චරිත අබේසිංහ මිලියන 10ක් දී සමගි ජන බලවේගයේ තනතුරු ගත් බවට බොරු ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මෙවැනි බොරු සමාජ ගත නොකරන ලෙස ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගය පැලවත්තෙන් පාලනය නොවන බවත් ජවිපෙට සම්බන්ධ කිසිදු දේශපාලනඥයෙක් කුඩු ජාවාරමට භාවිතයට හසු නොවී ඉන්නවාද කියා කියන ලෙස අභියෝග කරන බවත් වැරදි කරන අය සෑම පක්ෂයකම සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ළමා අපචාර නිසා වින්දිතයන් වූ 46000ක් දැරියන් සිටින නිසා මවක් කාන්තාවක් ලෙස මොවුන් ගැන සොයන ලෙස කෞෂල්‍ය ආරියරත්න මහත්මියාගෙන් ඉල්ලා සිටින බවත් චරිත ඝාතන සිදු නොකර රටට වැදගත් ඵලදායී ක්‍රියාවක නිරතවන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මහර හා වැලිකඩ ඛේදවාචක තුළ දී වත්මන් ජනාධිපතිවරයා විපක්ෂයේ සිට යම් යම් ප්‍රකාශ සිදු කළ බවත් දැන් රාජ්‍ය බලය එතුමා ළග තිබෙන නිසා විපක්ෂයේ සිට කියු දේවල් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
.jpg)
Lanka Newsweek © 2026